කෝපාපුලව් ජනතාව තම ඉඩම් ඉල්ලා සටනක

2008දී ජිවිතාරක්ෂාව වෙනුවෙන් තමන් විසින් හැර දමා ගිය ඉඩම් යළි තමන්ට ලබා දෙන මෙන් ඉල්ලා නන්දිකඩාල් කලපුව අසබඩ පිහිටි කේපාපුලව් ගම්වාසීන් විරෝධතාවක් අරඹා තිබේ.

ගොවිතැනෙන් හා ධීවර කර්මාන්තයෙන් දිවි ගැටගසාගත් ඔවුන්ගේ පරම්පරා ගණනාවක් ජිවත්වන්නේ මෙම කුඩාගමෙහිය. 2008 නන්දිකඩාල් යුද්ධයේදී ගම්බිම් අතැර යාමට සිදුවූ මෙම ජනයා මැනික් ෆාම් කදවුරුවල ගාල්කරන දුව අවුරුදුගනනක් දුක සේ ජිවත් වූහ. අදත් ඔවුන්ගේ ගම හමුදා කදවුරකට පවරාගෙන තිබේ. එදා ඔවුන්ගේ ජිවිතයේ කොටසක් වූ නිවෙස්, වගා ඉඩම්, පමනක් නොව කෝවිල, දේවස්තානය හා පාසල ඇතුලු සියල්ල ඔවුනට අහිමි කර තිබේ. තම ගමේ පිහිටුවා ඇති හමුදා කදවුර වෙනත් රජයේ ඉඩම් ඇති තැනකට ගෙනගොස් තම නිවෙස්වල හා ගමේ උරුමය නැවත තමන්ට ලබා දෙන ලෙස ඉල්ලා පවුල් 132ක ජනතාව සත්‍යග‍්‍රහයක් අරඹා දැන් දෙමසක් ගතවී තිබේ. එහෙත් රජයේ කිසිදු වගකිවයුත්තෙක් මෙම ගැටලුව පිළිබද මැදිහත් නොවූ බව ඔවුන්ගේ චෝදනාවයි.