தமிழ்
English
Contact
Monday 30th April 2018    
ජ.වි.පෙ. සහ ’71 සහෝදරත්ව සංසදය’ විසින් අප්‍රේල් විරුවන් සමරති! « Lanka Views | Views of the truth

ජ.වි.පෙ. සහ ’71 සහෝදරත්ව සංසදය’ විසින් අප්‍රේල් විරුවන් සමරති!



ජනතා විමුක්ති පෙරමුණ සහ 1971 අප්‍රේල් අරගලයට සම්බන්දවූවන්ගේ සංවිධානයක් ලෙස 71 සෙහෝදරත්ව සංසදය විසින් අප්‍රේල් 5 වැනිදාට යෙදුන 46වැනි අප්‍රේල් විරු සමරුව සමරන ලදී.

‘සදා සමරමු සොහොයුරෝ‘ තේමා පාඨය යටතේ ගාල්ල, මොනරාගල හා මාතලේදී එම සමරු වැඩසටහන් අප්‍රේල් 5 වැනිදා පැවැත්විණී. මොනරාගල පැවැති සමරු උත්සවයට ජ.වි.පෙ. නායක අනුර දිසානායක සහ පාර්ලිමේන්තු මන්ත්‍රී නිහාල් ගලප්පත්ති ඇතුළු පිරිසක් සහභාගි වූහ. මාතලේදී පවත්වන ලද සමරු වැඩසටහනේ දේශනය සිදුකරන ලද්දේ ජ.වි.පෙ. ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා විසිනි.

71 සහෝදරත්ව සංසදය සිය සමරු වැඩසටහන පැවැත්වූයේ කොළඹ මහජන පුස්තකාල ශ්‍රවනාගාරයේදීය. අප්‍රේල් 5 වැනිදා පෙරවරුවේ පැවැති එම සමරු වඩසටහනේදී 1971 අප්‍රේල් අරගලයේදී ජ.වි.පෙ. ඉදිරිපෙළ ක්‍රියාකාරින්ව සිටි ලයනල් බෝපගේ, ප්‍රේමපාල හේවාබටගේ සහ වසන්ත දිසානායක යන අය සභාව ඇමතූහ. දේශපාලන පක්ෂ හා වෘත්තිය සමිති නියෝජිතයන් පිරිසක්ද එම අවස්තාවට සහභාගි වූහ.

ලයනල් බෝපගේ

ප්‍රේමපාල හේවාබටගේ

වසන්ත දිසානායක




Related News