தமிழ்
English
Contact
Thursday 5th October 2017    
ලෝක තරුණ හා ශිෂ්‍ය උළෙලට ලංකාවේ තරුණ හා ශිෂ්‍ය නියෝජිතයන් සූදානම් « Lanka Views | Views of the truth

ලෝක තරුණ හා ශිෂ්‍ය උළෙලට ලංකාවේ තරුණ හා ශිෂ්‍ය නියෝජිතයන් සූදානම්



2017 ඔක්තෝබර් මසදී රුසියාවේ සෝචි නුවර පැවැත්වෙන ලෝක තරුණ හා ශිෂ්‍ය උලෙල  සදහා සූදානම් කිරීමේ කමිටුව ප්‍රකාශයට පත් තිරීම අප්‍රේල් 3 වැනි දින රුසියානු සංස්කෘතික මධ්‍යස්ථානයේදී පැවැත්විණි.

ලෝක ප‍්‍රජාතන්ත‍්‍රවාදී තරුණ සම්මේලනය විසින් පවත්වන මෙම තරුන හා ශිෂ්‍ය උලෙලට ලංකාවේ දේශපාලන පක්ෂ හා ශිෂ්‍ය සංවිධාන රැසක් සහභාගි වීමට නියමිතය.

පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ සහ ජනතා විමුක්ති පෙරමුණේ තරුණ හා ශිෂ්‍ය සංවිධාන ද මෙවර සූදානම් කිරීමේ කමිටුව නියෝජනය කරන අතර සංවිධාන 33ක් සම්බන්ධ වී මෙහිදී අත්සන් කෙරුනු ප‍්‍රකාශයට ‘වෙනසක තාරුණ්‍යය‘ වෙනුවෙන් සුජිත් කුරුවිට සහ විප්ලවවාදී ශිෂ්‍ය සංගමය වෙනුවෙන් චින්තක රාජපක්ෂ යන අය විසින් අත්සන් කරනු ලැබීය. සමාජවාදී තරුණ සංගමය වෙනුවෙන්  එරංග ගුණසේකර සහ සමාජවාදී ශිෂ්‍ය සංගමය වෙනුවෙන් රංගන ලක්මාල් දේවප්‍රිය එම ප්‍රකාශයට අත්සන් කළහ. පෙ.ස.ප. නියෝජනය කරමින් චමීර කොස්වත්ත, ජනතා විමුක්ති පෙරමුණ වෙනුවෙන් විජිත හේරත්, සමසමාජ පක්ෂය වෙනුවෙන් තිස්ස විතාරණ, වාමාංශික එක්සත් සන්ධානය වෙනුවෙන් වාසුදේව නානායක්කාර, ශ්‍රිලනිප වෙනුවෙන් දුමින්ද දිසානායක යන අය මම අවස්ථාවට සහභාගී වූහ.

රුසියානු විප්ලවයේ 100වන සැමරුම නිමිත්තෙන් මෙවර උලෙල රුසියාවේ පැවැත්වීමට නියමිතය.




Related News