චීනයේ හිටපු ජනාධිපති හූ ජින්තාවෝගේ කාර්ය මණ්ඩල ප‍්‍රධානියා ලෙස වැඩ කටයුතු කළ ලිං ජිහාවුට ජීවිතාන්තය දක්වා සිරදඩුවම් කර ඇතැයි වාර්තාවේ.
ඩොලර් මිලියන 11.6 පමණ මුදලක් සිය පුතු හා එක්ව අයථා අන්දමින් උපයාගෙන ඇතැයි යන චෝදනාවක් ලිං ජිහාවූ හට එල්ලවී තිබුනි. ඉතාම රහසිගතව සිදුකරන ලද නඩු විභාගයකින් පසුව මෙම සිර දඩුවම් ලබාදීමට චීනය වත්මන් පාලකයින් කටයුතු කර ඇතැයි වාර්තවේ.
වත්මන් චීන ජනාධිපතිවරයා බලයට පැමිණි පසු එරට දූෂණ විරෝධී ප‍්‍රතිපත්තික් දැඩිව කි‍්‍රයාත්මක කරන බවට ප‍්‍රතිඥාවක්ද ලබාදී තිබුනි.
කෙසේ වෙතත් මෙම දූෂණ විරෝධී කි‍්‍රයාවලිය ගැන එරට තුලින්ම විවිධ චෝදනා එල්ලව ඇත. චීන කොමියුනිස්ට් පක්ෂය තුල දැඩි බල අරගලයක් නිර්මාණයවී ඇති බවත් එය වර්තමානය වනවිට බරපතල තත්වයක් දක්වා වර්ධනයවී ඇතිබව පෙනෙන්නට තිබේ.