ඉරාකයේ බැග්ඩෑඩ් නුවර ස්ථාන දෙකකදී එල්ල කෙරුණු මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර දෙකකින් පුද්ගලයන් 165කට වැඩි පිරිසක් මිය ගොස් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. මෙම ප්‍රහාර ඉස්ලාම් රාජ්‍ය සංවිධානය නමැති ත්‍රස්ත සංවිධානය විසින් සිදු කර තිබෙන අතර ප්‍රහාරයේ වගකීම ඔවුන් බාර ගෙන ඇත. තුවාල ලැබූ පිරිස 225කට වැඩි බව පැවසේ. මෙම වසර තුළ ඉරාකයේ සිදු වූ වඩාත් දරුණුම බෝම්බ ප්‍රහාරය මෙය වේ.