මාධ්‍යවේදී දයා නෙත්තසිංහට පියසේන ගමගේගේ මැරයන් පිරිසක් විසින් මැර ප්‍රහාරයක් එල්ල කර ඇත.
සත්හඩ කර්තෘ මණ්ඩල සාමාජිකයකු සහ පරිසරවේදියකු වන දයා නෙත්තසිංහ ගාල්ල දිස්ත්‍රික් ලේකම්වරයා සහ පියසේන ගමගේ මුලිකත්වයෙන් අද(12) දෙල්වල නාථාරාම විහාරස්ථානයේ පැවති මහජන හමුවට සහභාගී වී සිටියදී මෙම පහරදීම සිදුකර ඇත. මෙම ජනහමුව පැවතුනේ ගාල්ල, නෙළුව, දෙල්වල, ආඳා දොල හරස් කරමින් ඉදිකිරීම ආරම්භ කර තිබෙන කුඩා ජල විදුලි බලාගාරයට අදාළ පැන නැගී ඇති ගැටලු සම්බන්ධයෙනි. එහිදී පරිසරවේදීයකු ලෙස යෝජිත කුඩා විදුලි බලාගාරය හේතුවෙන් ආඳා දොළ ඇතුළුව දෙල්වල රක්ෂිතයට සිදුවිය හැකි පාරිසරික විනාශය පෙන්වාදීම සඳහා නෙත්තසිංහ ගත් උත්සහයේ දී පියසේන ගමගේගේ මැරයන් ඊට විරෝධය පළකර ප්‍රහාරයක් එල්ලකොට ඇත.