අතුරුදන් වූ තරුණයා 21 තෙක් රක්ෂිත බන්ධනාගාරයට!

danushhka

හම්බන්තොට පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන පසුව අතුරුදන් වූ හම්බන්තොට, බදගිරිය ප්‍රදේශයේ  පදිංචිව සිටි තරුණයා හම්බන්තොට දිසා විනිසුරු වෙත ඉදිරිපත් කිරීමෙන් පසුව 21 වනදා  තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කර තිබේ .

ඔහුගෙන් පැය හයක් පුරා කටඋත්තර ගැනීමෙන් පසුව අධිකරණයට ඉදිරිපත් කල බවත් මෙම සිදුවීම සම්බන්ධයෙන් පොලිස් සැරයන්වරු දෙදෙනෙකුගේ සහ පොලිස් කොස්තාපල්වරු දෙදෙනෙකුගේ වැඩ තහනම් කල බවත් පොලිසිය අධිකරණයට දැන්වීය. වී සොරකමක් සම්බන්ධයෙන් සැකපිට පසුගිය 05 වනදා හම්බන්තොට පොලිසියෙන් අත්අඩංගුවට ගැනුණු හම්බන්තොට බදගිරියේ පදිංචි ජි .ජි ගයාෂාන් පසුගිය 06 වනදා අලුයම පොලිසියෙන්  පළාගොස් ඇති බව ප්‍රකාශ විය.

හම්බන්තොට පොලිසියට රැගෙන ආ පසු අතුරුදන් වී  තිබූ අතර ඔහු සමග තවත් දෙදෙනකු අත්අඩංගුවට ගෙන ඇතත් පොලිසිය ඒ බව සටහන් කර නැතැයි හෙළිදරව් විය. පසුගිය 05වනදා සිට දින 11ක් තිස්සේ අතුරුදහන්ව සිටි ජී.ජී. ගයාෂාන් නැමති 20 හැවරිදි තරුණයා ඊයේ (15) දික්වැල්ල ප්‍රදේශයේ භික්ෂූවක් විසින් කොළඹ පොලිස් මූලස්ථානය වෙත ගෙන එනු ලැබීය.

Leave a Reply