දින 9ක් ගතව ඇති කම්කරු නිලධාරීන් වැඩවර්ජනයට මේ වන තෙක් ඊට අදාළ විසඳුමක් ලබා දීමට බලධාරීන් කටයුතු නොකිරීම නිසා වැඩවර්ජකයන්ට සහාය පළ කරමින් කම්කරු කොමසාරිස්වරුන්ද වෘත්තීය ක්‍රියාමාර්ගයකට එළඹීමට සූදානම් වේ.
කම්කරු ඇමතිව හා නියෝජ්‍ය ඇමති අතර පවතින කඹ ඇදීමේ නිසා මෙම ගැටුවට විසඳුම් ලබා දීමට ප්‍රමාද වී ඇත. කම්කරු නිලධාරීන්ගේ ඉල්ලීම් සම්බන්ධයෙන් කොමසාරිස්වරුන්ගේ සංගමය පවසන්නේ ඉදිරි දින කිහිපය තුළ මේ සඳහා පිළිගතහැකි පිළිතුරක් නොලැබුණහොත් තමන්ද වෘත්තීයසමිති ක්‍රියාමාර්ගයක් අනුගමනය කරන බවය. දින කිහිපයක් තුළ පිළිතුරක් නොලැබුණහොත් ලබන සතිය දිනක සංක්ත වැඩවර්ජනයක් අරඹන බවත් එයින් නිසි විසදුම් නොවැබුනොත් අඛණ්ඩ වැඩවර්ජයක් සඳහා අවතීරණ වන බවත් එම සංගමය පවසයි.
කම්කරු දෙපාර්තමේන්තුවේ ව්‍යුහාත්මක වෙනස්කම් හා කම්කරු සබඳතා සේවා ව්‍යවස්ථාවක් ඉල්ලා සිටිමින් එම අරගලය ආරම්භ විය. සිය වැඩවර්ජනය හේතුවෙන් පෞද්ගලික අංශයේ සේවකයන් ලක්ෂ 45 කට වැඩි පිරිසකගේ අයිතිවාසිකම් අනතුරක වැටීමත් දෙපාර්තමේන්තුවේ කටයුතු ප්‍රමාදවීමත් පිළිබඳව ආණ්ඩුව මේ දක්වා නිසි අවධානයක් යොමු කර නැතැයි කමුකරු නිලධාරිහු චෝදනා කරති.