ශ‍්‍රීලනිපය වැට් සෙල්ලමක

vat1

වැට් ඇතුළු බදු සහ බැංකු පොලී වැඩි කිරීමට කැබිනට් මණ්ඩලයේදී අනුමැතිය දී නීතියටද පටහැනි ලෙස ජනතාවගෙන් බදු අය කර ගැනීමට ක‍්‍රියා කළ ජනාධිපතිවරයා ඇතුළු ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ ඇමැතිවරු බදු වැඩි කිරීමට සහාය නොදෙන බව පවසති.

සූරියවැවදී ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් මහින්ද අමරවීර පැවසුවේ, ශ‍්‍රී ලනිපය ඉදිරිපත් කරන සංශෝධනවලට එකඟ නොවන්නේ නම් බදු පනත් සංශෝධනයට සහාය නොදෙන බවයි. ඒ සම්බන්ධයෙන් ශ‍්‍රී ලනිප ඇමැතිවරුන් සාකච්ඡුා කර තිබෙන බවත් ඉදිරියේදී ජනාධිපතිවරයා හමුවී සාකච්ඡුා කිරීමට නියමිත බවත් ඔහු පැවසුවේය.

බදු සංශෝධනය කිරීමේ නිල ක‍්‍රියා පටිපාටිය පිළිබඳව ජනාධිපතිවරයා ඇතුළු මෙම ඇමැතිවරුන් මෙන්ම එජාපයද නොදන්නවා විය නොහැකිය. යහපාලනයක් ස්ථාපිත කරන බවත් විනිවිදභාවයෙන් යුතුව රට පාලනය කරන බවත් පවසමින් බලයට පැමිණි රනිල්-මෛත‍්‍රී හවුල රටේ පවතින නීතියටද පටහැනි ලෙස බදු වැඩි කළ අතර එම බදු වැඩි කරන ලද බදු ජනතාවගෙන් අය කිරීමේදී ජනාධිපතිවරයා ඇතුළු එජාප හෝ ශ‍්‍රී ලනිප ඇමැතිවරු හඬ නැඟුවේ නැත.

දැන් ඔවුන් ජනතාව ඇන්දීමේ රංගනයක නිරත වෙමින් සිටින බව පෙනේ.

Leave a Reply