මාඕවාදී ප්‍රහාරයකින් ඉන්දීය සෙබළු 10ක් මියයයි.

maoist.web

ඊයේ මාඕවාදීන් එල්ල කළ ප්‍රහාරයකින් ඉන්දීය අතුරු හමුදා සෙබළු 10ක් මරණයට පත්ව ඇති අතර තවත් පිරිසක් තුවාල ලබා ඇතැයි වාර්තාවේ.

පසුගිය සදුදා එල්ල කළ තවත් ප්‍රහාරයකින් ඉන්දීය සෙබළු පස්දෙනෙකු මියගිය ගොස් තිබුනි. ඊයේ සිදුකළ මෙම ප්‍රහාරය නිසා අතුරු හමුදා සෙබළු ලෙස කටයුතු කළ භටයන්  මියගිය බව වාර්තාවේ.

ඉන්දියාව තුල දශක කිහිපයක සිට මාඕවාදී ගරිල්ලන් තම පාලනයක් ස්ථාපිත කිරීම ඉලක්කකරගෙන ඉන්දියාවේ ප්‍රාන්ත කිහිපයක සිය මෙහයෙුම් දියත්කොට ඇත. ප්‍රධාන වශයෙන්ම ඉන්දීයාවේ උතුරු පළාත තුල පිහිට ප්‍රාන්තවලත් නැගෙනහිර හා මධ්‍යම යන ප්‍රාන්තයන් මූලික කරගෙන සිය දේශපාලන හා සන්නද්ධ කටයුතු ව්‍යාප්ත කරමින් සිටි. ඔවුන් වැඩි වශයෙන් ගොවි ජනපදනම් ඇති හා දුෂ්කර ග්‍රාමීය හා වනාන්තර ප්‍රෙද්ශවල සිය පාලන කටයුතු පවා ව්‍යාප්ත කරමින් දිගුකාලීන සන්නද්ධ ක්‍රියාවලියක නිරතව සිටී.

සෑම වසරකම පාගේ මෙවැනි ප්‍රහාරයන් ගණනාවක් මාවෝවාදීන් එල්ල කරන අතර එම ප්‍රහාරයන්වලදී මාඕවාදීන්ටද දැඩි හානි සිදුව තිබේ. මෑතකාලීන ප්‍රහාරයන් හේතුවෙන් ඉන්දීය හමුදාවට සම්බන්ධවී කටයුතු කරන අතුරු හමුදාවන්ව මාඕවාදීන්ගේ ප්‍රහාරයන්ට ලක්ව තිබේ. පසුගිය මාස කිහිපය තුලදී මෙවැනි ප්‍රහාරයන් ගණනාවක් මාඕවාදීන් සිදුකර තිබේ.

වසර 1960 දශකයේ බටහිර බෙංගාලය මුල්කරගනිමින් ආරම්භවූ මෙම මාඕවාදී සන්නද්ධ කණ්ඩායම් තමන් කොමියුනිස්ට් ක්‍රමයක් ස්ථාපිත කිරීමේ අරගලයක නිරතව සිටි බව ප්‍රකාශකරයි.

ඉන්දියාවේ විශාල ප්‍රදේශයක සිය පාලන කටයුතුද පවත්වාගෙනයමින්  දශක හයකට ආසන්න කාලයක් සන්නද්ධ කටයතු හා දේශපාලන කටයුතු ඒකාබද්ධ කරමින් සිය දේශපාලන අරගලය අඛණ්ඩව මේ දක්වා පවත්වාගෙන යයි.

Leave a Reply