අර්ජුන් මහෙන්ද්‍රන් ආණ්ඩුවේ ඉහළ තනතුරකට යළි පත්කිරීමට තීරණය කර තිබේ. අන්තර්ජාතික හා ද්විපාර්ශ්වික වෙළද ගිවිසුම් සම්බන්ධ ඉහළ පෙලේ තීරකයකු ලෙස ඔහුගේ නව පත්වීම සිදුවන්නට නියමිතය.
එහි ආරම්භක පියවර ලෙස විවාදයට තුඩු දුන් ‘ඉන්දු ලංකා ආර්ථික හා තාක්ෂනික සහයෝගිතා ගිවිසුම‘ (ETCA)අත්සන් කිරීමේ ක්‍රියාදාමය වේගවත් කිරීමේ කටයුතු ඔහුගේ ප්‍රථම වගකීම වනු ඇති බව අගමැති කාර්යාලයීය මූලාශ්‍ර පවසයි. මේ වනවිට චීනය සමගත් සිංගප්පූරුව සමගත් ඇති කගෙන තිබෙන එකගතා අනුව, ද්විපාර්හ්වික ගිවිසුම් අත්සන් කිරීමේ ක්‍රියාදාමය සදහා අර්ජුන් මහේන්ද්‍රන් නායකත්වය දෙනු ඇත.
පසුගගියදා සේවයෙන් ඉවත් කළ පසුව සිංගප්පූරැව බලා ගිය හිටපු මහබැංකු අධිපතිවරයා සිය නවතම තනතුර අගමැතිවරයාගෙන් භාරගන්නට අද(19) දින ලංකාවට පැමිනීමට නියමිතය. අර්ජුන් මහේන්ද්‍රන් මහබැංකුවෙන් ඉවත් වුවද ආණ්ඩුවේ රැකියා දසලක්ෂය වැඩසටහනේදී රාජ්‍ය නිලධාරින් සමග මූලිකත්වය ගෙන කටයුතු කරනු ඇතැයි හවුල් ආණ්ඩුවේ ප්‍රබල වගකිවයුත්තෙක් ප්‍රකාශ කර තිබිණි.