මේවන විට අන්තර්ජාතික ඔලිම්පික් කමිටිව විසින් පත්කරන ලද මැක්ලාරන් කමිටුවක් විසින් සොයාගෙන ඇති සාක්ෂි අනුව ඉදිරි 2016 රියෝ ඔලිම්පික් උළෙල හා ශීත ඔලිම්පික් උළෙලට සහභාගීවීමට නොහැකිවීමේ අනතුරක් මතුව ඇත.
ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව විසින් මේ පිළිබදව ලබන අගහරුවාදා පැවැත්වෙන හමුවකින් පසුව සිය තීරණය පිළිබදව අවසන් අදහස ප්‍රකාශකරනු ඇතැයි වාර්තාවේ.
පසුගිය ඔලිම්පික් උළෙලවලදී රුසියාව විසින් සිය ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට තහනම් ඖෂධ ලබාගැනීමට යම් කිසි මට්ටමක අවබෝධයක සිට ක්රියාකලායැයි යන සැකය රුසියාවට එරෙහිව පරීක්ෂණය කරන ලද මැක්ලාරන් කමිටුව විිසින් තහවුරුකරගෙන ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
යම් හෙකින් එම සාක්ෂි නිසි ලෙස තහවුරු කිරීමට අන්තර් ජාතික ඔලිම්පික් කමිටුව සමත් වුවහොත් රුසියාවට මෙම තරග තහනම් තත්වයකට මුහුණදීමට සිදුවනු ඇත.