සිංගප්පූරුව සමග නිදහස් වෙළෙඳ ගිවිසුමක් අත්සන් කරන බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. සිංගප්පූරුවේ පැවැති ඩයස්පෝරා සමුළුව අමතමින් ඔහු මේ බව පැවසුවේය. මේ වසර තුළදී අනිවාර්යයෙන්ම ඉන්දියාව සමග එට්කා ගිවිසුම අත්සන් කරන බවද ඔහු පැවසුවේය.
වැඩිදුරටත් අදහස් දක්වමින් රනිල් වික්‍රමසිංහ මහතා පැවසුවේ ලංකාව දකුණු ආසියාවේ ආර්ථික කේන්ද්‍රස්ථානය බවට පත් කිරීමට කටයුතු කරන බවයි. යටිතල පහසුකම්වල දුර්වලකම, ප්‍රතිපත්ති සහ ව්‍යාපාරික පරිසරය විදේශයන් සමග කරන වෙළෙඳාමට ගැටලූකාරී ලෙස බලපා ඇති බවයි. ඒ නිසා ඒවා වෙනස් කිරීමටත් සන්නිවේදන, ප්‍රවාහන සහ බල ශක්ති ක්ෂේත්රවල වර්ධනයක් ඇති කිරීමට අපේක්ෂා කරන බවත් ඔහු පැවසුවේය.