ශ්‍රී ලංකා හමුදාව විසින් සිදුකල ලිංගික වදහිංසා සම්බන්ධයෙන් පරීක්‍ෂණ අවශ්‍යයි – බෑන් කී මූන්

war-crime-sri-lanka

යුද්ධය පැවැති කාලයේදීත්, යුද්ධයෙන් පසු කාලයේදීත් සිදුකල වදහිංසා සම්බන්ධයෙන් පරීක්‍ෂණ පවත්වන මෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය ශ්‍රී ලංකා රජයෙන් ඉල්ලීමක් කර ඇත.

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහලේකම් බෑන් කී මූන්, ආරක්‍ෂක මණ්ඩලයට ඉදිරිපත් කර ඇති වාර්තාවක මේ බව අවධාරණය කර ඇත. ශ්‍රී ලංකා රජය, පුසගිය වසර 05ක කාලයේදී යලි පදිංචි කිරීම් ඇතුළු බොහෝ කටයුතු ක්‍රියාත්මක කර ඇත. එනමුත්, ශ්‍රී ලංකා රජයේ හමුදාව විසින් සිදුකල ලිංගික වදහිංසා සම්බන්ධයෙන් නිසි පරීක්‍ෂණයක් පැවැත්වීම රජය විසින් පැහැරහැර ඇත. එමෙන්ම, යුද්ධයෙන් පසු, ගතවූ වසර 5 ක කාලයේදී, පැහැරගැනීම්, සිරගත කිරීම්, ලිංගික හිංසා සහ ලිංගික අපචාර යනාදිය උග්‍ර වී තිබුණි.

හමුදාකරණය කිරීමේ වැඩපිළිවෙල යටතේ කාන්තාවන් සහ ළමුන් වෙත ලිංගික වදහිංසා සිදුකර ඇත. අවසන් සටන පැවැති කාලයේදී, දෙමළ කාන්තාවන් වෙත ශ්‍රී ලංකා හමුදාව විසින් ලිංගික වදහිංසා සිදුකර ඇත. 2014 වර්ෂයේදී, සිරගතව සිට නිදහස් කල කාන්තාවන්ගේ සාක්ෂි වලින් මෙය තහවුරු වී ඇත.

විමුක්ති කොටින්ට සම්බන්ධය යන පදනමින් දෙමළ කාන්තාවන් වෙත ජාතිවාදී පදනමින් මෙම ප්‍රචණ්ඩ ක්‍රියා සිදුකර ඇත. එවැනි පසුබිමකදී, ශ්‍රී ලංකාවේ බලයට පත්වී සිටින නව රජය, අදාල හමුදා සාමාජිකයින් විසින් සිදුකල ලිංගික වදහිංසා සම්බන්ධයෙන් පරීක්‍ෂණ පැවැත්විය යුතුය.

එමෙන්ම, පීඩාවට පත්වූ පුද්ගලයින්ගේ ආර්ථිකය දියුණු කලයුතු බවත්, විශේෂයෙන් යුද්ධයේදී ස්වාමි පුරුෂයන් අහිමි වූ කාන්තාවන් ප්‍රධන කරගෙන ජීවත්වන පවුල් වලට උපකාර කරන මෙන් බෑන් කී මූන් ඉල්ලීමක් කර ඇත.

 

තමිල්වින් වෙබ් අඩවිය