ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාව නියෝජනය කළ මන්ත්‍රීවරුන් 05 දෙනෙකු පසුගිය දා එම සභාවෙන් ඉවත්කරනු ලැබූ අතර තවත් කිහිපදෙනෙකු ඉවත් කිරීමට කටයුතු සැළසුම් කර ඇතැයිද වාර්තා වේ.
එලෙස ඉවත් කළ මන්ත්‍රීවරුන් වන්නේ සාලින්ද දිසානායක, එස්. එම්. චන්ද්‍රසේන, බන්දුල ගුණවර්ධන, ටී. බී. රත්නායක හා රෝහිත අබේගුණවර්ධන යන අයයි.
මෙවුන් ශ්‍රීලනිප මධ්‍යම කාරක සභාවෙන් ඉවත්කිරීමට ප්‍රධාන හේතුව වී ඇත්තේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂට පක්ෂව කටයුතු කිරීම හා ඔහුව අගමැති කිරීම අරමුණු කරගෙන රටපුරා පවත්වන සම්මන්ත්රණ මාලාවට සහභාගී වීමයි.
තවද බස්නාහිර පළාත් සභාවේ සභාපති ප්‍රසන්න රණතුංග හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපතිවරයෙකු වන කුමාර වෙල්ගම සහ තවත් කිහිප දෙනෙකු ඉදිරියේදී ශ්‍රීලනිප මධ්‍යම කාරක සභාවෙන් ඉවත් කිරීමට කටයුතු සැළසුම් කර ඇති බවද වාර්තා වේ.
ඉවත් කළ සාමාජිකයන් වෙනුවට නව සාමාජිකයන් පත්කිරීමේදී හිරුණිකා ප්‍රේමචන්ද්‍රට අවස්ථාවක් ලබාදීමේ හැකියාවක් පවතින බවද වාර්තා වේ.
කෙසේ වෙතත් මෙම තීරණය සම්බන්ධයෙන් තමන් නොදන්නා බවත් තමන් පක්ෂයේ නීතිරීතිවලට පිටින් කිසිවක් සිදුකර නොමැති නිසා මෙම තීරණය නීති විරෝධී බවත් ටී. බී ඒකනායක ප්‍රකාශ කර තිබේ.
තවද එම නිසා ඉවත් කළ අනෙක් අය සමග එක්ව ශ්‍රේෂ්ඨාධිකරණයේ පැමිණිල්ලක් ගොනුකිරීමට කටයුතු කරන බවද ඔහු වැඩිදුරටත් පවසා තිබේ.