දින 44 ක් තිස්සේ බත්තරමුල්ල මහාමාර්ග අමාත්‍යාංශය ඉදිරිපිට පැවැත්වූ සත්‍යග්‍රහය මේ වන විට ජයග්‍රහණයෙන් අවසන් වී ඇත.
පසුගිය ඔක්තෝම්බර් නොවැම්බර් මාසවල සිට අවමය මාස හතරක් හෝ පර්යේෂණ සහකාර, කළමනාකරණ සහකාර, කාර්යාල කාර්ය සහයක, රියදුරු, මුදල් අයකැමි ආදීන් ලෙස මාර්ග සංවර්ධන අධිකාරියේ සේවය කළ 135 දෙනෙකු දින 44 ක් තිස්සේ මෙලෙස සත්‍යග්‍රහයක නිරත වෙමින් සිටියහ.
පසුගිය මාර්තු 6 වනදා සිට ඔවුන්ගේ සේවය අත්හිටුවා ඇත්තේ අවිධිමත් ලෙස පත්වීම් දී ඇති බවත් පුරප්පාඩු නැති බවත් පවසමිනි.
මෙම රැකියා ලබාදීම මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාගේ මැදිහත්වීමෙන් සිදුකරන ලද සත්ක්‍රියාවක් ලෙස හුවා දැක්වීමට බොහෝ ජනමාධ්‍ය උත්සාහ කළද මෙය අව් වැසි නොතකා දින 44ක් පුරා සේවකයින් ගෙන ගිය සටන ඉදිරියේ පාලකයින් ලද පරාජයකි.