Home / දෙශීය පුවත් / ජනාධිපතිවරණයේදී සිල්රෙදි බෙදීම ගැන අහන්න සෝමානන්ද හිමි මූල්‍ය අපරාධ කොට්ඨාසයට
පසුගිය ජනාධිපතිවරණ සමයේ සිදු කළ සිල් රෙදි බෙදා දීමේ සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීම සදහා පූජ්‍ය වටිනාපහ සෝමානන්ද හිමි මූල්‍ය අපරාධ කොට්ඨාසයට කැදවා තිබේ.
එහිමියන් අදාල කටයුත්ත සම්බන්ධීකරණය කළ බවට ඇති චෝදනාව සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාගැනීම සදහා මෙලෙස සෝමානන්ද හිමි මූල්‍ය අපරාධ කොට්ඨාසයට කැදවූ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසයි.
පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩි දුරටත් පැවසුවේ, සිල් රෙදි බෙදා දීමේ කටයුත්ත වෙනුවෙන් රුපියල් මිලියන 600 ක මුදලක් වැය කර ඇති බවට තොරතුරු ලැබී ඇති බවයි.