මහාපරිමාණ හෙරොයින් ජාවාරම්කරුවෙකු යැයි සැකකරන වෙලේසුදා නොහොත් සමන්ත කුමාරගේ සොහොයුරා ඇතුළු විත්තිකරුවන් දෙදෙනෙකු ලබන 19 වනදා දක්වා යළිත් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ.
කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා විසින් මෙම නියෝගය කර තිබුණේ අදාල නඩුව අද (05) විභාගයට ගත් අවස්ථාවේදීය.
මෙහිදී අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණය හමුවේ ප්‍රකාශ කර තිබුණේ මෙම සැකකරුවන් මත්ද්‍රව්‍ය ජාවාරම්වලින් උපයාගත් රුපියල් කෝටි දෙක හමාරකට අධික මුදල්වලින් ඉඩම් දෙකක් සහ දේපළ ලබාගෙන ඇති බවයි.
තවද ඔවුන්ට එරෙහිව මුදල් විශුද්ධිකරණ පනත යටතේ පරීක්ෂණ සිදුකරන බවද මෙහිදී අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රකාශ කර තිබේ.