වෙනිසියුලාවේ අර්බූදයට ප්‍රැන්සිස් පාප්තුමා මැදිහත්වෙයි.

වෙනිසියුලානු ජනාධිපතිවරයාගේ හදිසි වතිකානු සංචාරයෙන් පසුව එරට විපක්ෂ කණ්ඩායම් සමග සාකච්ඡා කිරීමට තමන් අදහස් කරන බව පවසා තිබේ.

මේ පිළිබදව එරට විපක්ෂ කණ්යම් කිහිපයක්ද සිය එකගත්වය දක්වා ඇතත් විපක්ෂ ප්‍රධානියකු වන කැප්රිලස් පවසා ඇත්තේ සාකච්ඡා ඵළක් නොවනු ඇති බවයි.

මේවන විට වෙනිසියුලාවේ හටගෙන තිබෙන දේශපාලන අර්බූදය සමහන් කිරීමේ උත්සාහකයක් ගැනීමට පැන්සිස් පාප්වහන්සේ සූදානම්වල බව මේ අනුව පෙනීයයි.

ජනාධිපති මාදුරෝව බලයෙන් පහකිරීම සදහා එරට විපක්ෂය විසින් ඉල්ලා සිටි ජනාධිපතිවරයා සම්බන්ධයෙන් වන ජනමත විචාරණයට එරට මැතිවරණ කොමිසමෙන් පසුගියදා අවසර නොලැඹුනි.

මේ හේතුවෙන් එරට විපක්ෂය විසින් රට තුල ව්‍යාකූල තත්වයක් නිරිමාණය කිරීමට විවිධ උද්ඝෝෂණ පැවැත්වමට පියවර ගෙන තිබුනි. මෙවැනි වට පිටාවක පාප්වහන්සේ හදිසියේ හමුවීමට එරට ජනාධිපතිවරයා පැමිණියේ වතිකානුවේ මැදිත්දෙවීම මත බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

ඉදිරි දින කිහිපය තුල වතිකානුවේ මැදිහත්වීමෙන් දෙපාර්ශවය අතර ඉක්මන් සාකච්ඡා වටයක් පැවැත්වෙනු ඇතැයි වාර්තාවේ.

මෙම සාකච්ඡා සදහා කැරිබියානු මාගරීටා දූපතේ පැවැත්වීමට දෙපාර්ශවය එකගවී ඇති බවත් වාර්තාවේ.