වීදි කලාකරුවන්ට හැඳුනුම්පතක් නිකුත් කිරීමට පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය තීරණය කර තිබේ. මෙම තීරණය ගෙන ඇත්තේ කලාකරුවන් සමග පැවැති සාකච්ඡුාවකදීය.
විශේෂයෙන්ම විහාරමහාදේවි උද්‍යානය අසල මාර්ගයේ සිය සිතුවම් සහ නිර්මාණ ප‍්‍රදර්ශනය කරන කලාකරුවන්ට මෙම හැඳුනුම්පත් නිකුත් කෙරේ. ඊට අදාළ පියවර සති දෙකක් තුළ ගන්නැයි පළාත් සභා සහ පළාත් පාලන ඇමැතිවරයා විසින් කොළඹ මහ නගර සභාවේ නාගරික කොමසාරිස්වරයාට උපදෙස් දී ඇත. සංස්කෘතික හා අධ්‍යාපන අමාත්‍යාංශයේ නියෝජිතයන්ද මෙම සාකච්ඡුාවට සහභාගි වී තිබේ.