ඔක්තෝබර් 19 වැනි දා සිට 26 වැනි දා දක්වා පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල රැස්වීම ඇමතීම සදහා ජනාධිපති මෛත්රීපාල සිරිසේන ඇතුළු ලංකා දූත පිරිස හෙට (18) ඇමරිකා එක්සත් ජනපදය බලා පිටත්වන බව ආණ්ඩුවේ නිවේදනයක සදහන්ය.
එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිය අතර මෛත්රීපාල සිරිසේන සැප්තැම්බර් 21 වැනි දා එක්සත් ජාතීන්ගේ සමුළුව ඇමැතීමට නියමිතය.
මෙවර පැවැත්වෙන 71 වැනි එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල රැස්වීමට සමගාමීව සරණාගතයන් සහ සංක්රමණිකයන් පිළිබද සමුළුව නිව්යෝක් නුවරදී සැප්තැම්බර් 19 වනදා සහ 20 වැනි දා පැවැත්වීම ලංකාවේ ගැටලුවලට වැදගත්වන බව විශ්ලේෂකයන්ගේ අදහස වී තිබේ.
එසේම එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයා ලෙස කටයුතු කළ බෑන්කී මූන් ද මෙවර මහා මණ්ඩල සමුළුව අවසන් වතාවට අමතන්නට නියමිතය. බෑන්කී මූන් ලබන වසරේ ජනවාරි මාසයේ පැවැත්වෙන දකුණු කොරියාවේ ජනාධිපති ධුරය සදහා තරග කිරීමට සැලසුම් කර ඇත. එමෙන්ම ඇමෙරිකා ජනාධිපති බැරැක් ඔබාමා මෙවර එ.ජා. මහා මණ්ඩල සමුළුව අමතන්නේ අවසන් වතාවටයි.