වැට් බදු වැඩි කිරීමට එරෙහි පෙ.ස.ප විරෝධය අද කොළඹදී ආණ්ඩුව විසින් එකතු කළ අගය මත පනවන ලද බදු 15% දක්වා ඉහළ නැංවීමෙන් ජනතාවට ඇතිවන පීඩාව සම්බන්ධයෙන් විරෝධය පළ කිරීමේ උද්ඝෝෂණයක් පෙරටුගාමී සමාජවාදී පක්ෂය විසින් අද සවස 4.00ට පිටකොටුව බෝධිය අසළදී පවත්වන බව එම පක්ෂය නිකුත් කළ මාධ්‍ය නිවේදනයකින් දැක්වේ.