ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාට අපහාස කළ සහ පක්ෂයට ද්‍රෝහි වූවන්ට මෙවර පළාත් පාලන මැතිවරණයේදී නාම යෝජනා ලබා නොදීමට තීරණය කර ඇතැයි ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් මහින්ද අමරවීර පවසයි.
නාමයෝජනා අයැදුම්පත් 10,000ක් පමණ මේ වන විට ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඩාලි පාරේ ඇති මූලස්ථානයට ලැබී තිබේ. පළාත් පාලන මැතිවරණයට සඳහා අපේක්ෂකයන් තෝරා පත් කර ගැනීමේ සම්මුඛ පරීක්ෂණ ජූලි 30 වැනිදා දක්වා පැවැත්වීමට නියමිතය. ඒ සඳහා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන් තිදෙනකු පත් කර තිබේ. එක් දිනකට දිස්ත‍්‍රික්ක තුනකට අදාළ සම්මුඛ පරීක්ෂණ සිදු කෙරෙන බවද මහින්ද අමරවීර මහතා පවසයි.