අන්තරේ කැදවුම්කරු ලහිරු ඇප මත නිදහස්!

lahiru

ජූලි 18වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කළ අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු ලහිරු වීරසේකර අද (15) දින කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේදී ඇප මත නිදහස් කර තිබේ.

කොළඹ පැවැති ශිෂ්‍ය විරෝධතාවකදී අධිකරණ නියෝග කඩ කළ බවට චෝදනා එල්ල කර ඔහු අධිකරණයට කැදවීමෙන් පසුව ඔහු බන්ධනාගාර ගතකෙරුනේ පසුගිය 8 වැනිදාය

අද දින කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ඔහු මෙලෙස ඇප මත මුදාහැරීමට කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය  නියෝග කළාය.
නඩු විභාගය ලබන මස 5 වැනිදා යළි කැඳවීමට නියමිතය.