පාලන මිල නීතිය අද සිට දැඩිව ක්‍රියාත්මක වේ – කර්මාන්ත හා වානිජ කටයුතු අමාත්‍යාංශය

2016.07.15 consumer goods

පාලන මිල පිළිබද නීතිය අද(15) සිට දැඩිව ක්‍රියාත්මක කරන බව කර්මාන්ත හා වානිජ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් ටී.එම්.කේ.බී තෙන්නකෝන් ප්‍රකාශ කළේය. වැට් බද්දෙන් නිදහස් කෙරුණු අත්‍යාවශ්‍ය භාණ්ඩ 16 ක පාලන මිල ප්‍රකාශයට පත් කරමින් අමාත්‍යාංශයේ ලේකම් මේ බව ජනමාධ්‍ය වෙත දන්වා තිබිණි.

සහන ලැබුණු අත්‍යවශ්‍ය භාණ්ඩ මිල ගණන් මෙසේය-

සීනි කිලෝග්‍රෑම් 1ක් – රුපියල් 95

තිරිඟු පිටි කිලෝග්‍රෑම් 1ක් – රුපියල් 87

රතු පරිප්පු කිලෝවක් – රුපියල් 169

තායිලන්ත හාල් මැස්සන් කිලෝවක් – රුපියල් 495

ඩුබායි හාල් මැස්සන් කිලෝවක් – රුපියල් 410

මුං ඇට කිලෝවක් – රුපියල් 220

හම සහිත කුකුළු මස් කිලෝවක් – රුපියල් 410

හම රහිත කුකුළු මස් කිලෝවක් – රුපියල් 495

ආනයනික අර්තාපල් කිලෝවක් – රුපියල් 120

ලොකු ළුෑනු කිලෝවක් – රුපියල් 78

වියලි මිරිස් කිලෝවක් – රුපියල් 385

කඩල කිලෝවක් – රුපියල් 260

ආනයනික කිරිපිටි කිලෝවක් – රුපියල් 810

දේශීය කිරිපිටි පැකට්ටුවක මිල – රුපියල් 735

කට්ටා කරවල කිලෝව – රුපියල් 1100

සාලයා කරවල කිලෝව – රුපියල් 425

උම්බලකඩ කිලෝග්‍රෑමයක් සහ

සස්ටජන් කිලෝග්‍රෑමයේ ටින් එකක මිල රුපියල් 1500

Leave a Reply