The Revenant

මේ කියන්න යන්නේ මේ පාර ඔස්කාර් සම්මාන උළෙලේ සම්මාන 12කට නිරේදේශ වුණු වගේම උළෙලේදී වසරේ හොදම නලුවා සම්මානය වගේම හොදම අධයක්ෂණයට හිමි සම්මානය දිනා ගත්ත චිත්‍රපටය ගැනයි. ලියනාඩෝ ඩිකැප්‍රියෝ විසින් වසරේ හොදම නලුවා සම්මානයත්, මෙක්සිකානු ජාතික අලිහන්රෝ ජී. ඉනරිතු (Alejandro González Iñárritu) විසින් හොදම අධ්‍යක්ෂණයට හිමි සම්මානය දිනා ගන්නත් මේ චිත්‍රපටය සමත් වුණා.

The-Revenant-03

කොහොම වුණත් මේ පාර ඔස්කාර් සම්මාන උළෙලේදී ඩිගැප්‍රි යෝ ගැන හුග දෙනෙක් කතා කළා. ඒ වෙන මෙනවත් නිසා නෙමෙයි. මේ චිත්‍රපටය නිසා. මේ  චිත්‍රපටයේ ඔහුගේ රගපෑම් අති විශිෂ්ටයි. මෙහිදී ඩිකැප්‍රි යෝ අති දක්ෂ සටන් නලුවෙන් ලෙස වරෙක දක්වන්නේ විශිෂ්ඨ කුසලතාවයක්, ඒ විතරක් නෙමෙයි, අමුවෙන් සතුන් ආහාරයට ගන්න ආකාරය රගපාමින් ඔහු දක්වන්නේ අපූරු අංගන හැකියාවක්.

මිනිත්තු 156ක් පුරා දිවෙන මේ චිත්‍රපටය IMDB අගයෙදි 8.4ක් දිනා ගැනීමට සමත් වෙලා තියෙනව වගේම IMDB චිත්‍රපට ලැයිස්තුවෙ 180 වෙනි තැන දිනා ගන්නත් සමත් වෙලා තියෙනව.

The-Revenant-021823 වගේ ඈත කාලයේ ඇමරිකාවේ උතුරු කොටසේ වනාන්තර ගත වුන හම් දඩයම්කරුවන් පිරිසක් ගැන තමයි මුලින් කතාව ඇදිලා යන්නේ, එක්වරම එල්ලවෙන රතු ඉන්දියානු ප්‍රහාරයක් එකක් ඔවුන්ට සිදුවෙනවා පසු බහින්න. ඔවුන්ගේ මග පෙන්වන්නා වෙන්නේ හියුගෝ ග්ලාස් (ලියෝගේ චරිතය), නමුත් එක්තරා අවස්තාවක දී ඔහු විශාල වලසෙකුගේ ප්‍රහාරයෙන් දරුණු ලෙස තුවාල ලබනවා, පසුබැස යන හම් දඩයම්කරුවන්ගේ නායකයා ඔහු ෆිට්ස්ජෙරල්ඩ් සමඟ දමා යන්නේ තමුන්ගේ කණ්ඩායම තරම් වේගයෙන් නොවුනත් ඔහුව රැගෙන එන්න, ෆිට්ස්ජෙරල්ඩ්  බොහොම ලොකු ගණනක එක්ක කැමති වෙනවා වගේම, ග්ලාස්ගේ පුතා හා ජිම් නම් තවත් තරුණයෙක් ඔහු හා රැදෙනවා, නමුත් තන්හාවෙන් හා ඉරිසියාවෙන් පිරීගිය ෆිට්ස්ජෙරල්ඩ් ඔහු දමා යන්නේ ඔහුගේ ජිවිතයේ වටිනාම වස්තුව ඔහුගෙන් උදුරාගෙන…

 The-Revenant-04

කිසිසේත් පසුබට නොවනා ග්ලාස් තමුන්ගේ ගමන ආරම්භ කරනවා හිමෙන් වැසුන උතුරු වනයේ ෆිට්ස්ජෙරල්ඩ් ගෙන් පලිගැනීම වෙනුවෙන්, අතරමගදී ඉන්දියානුවන්, ප්‍රංශ දඩයම්කරුවන්, පරිසරය එකක් තමුන්ගේ දිවි ගලවා ගැනීම වෙනුවෙන් ඔහු ගෙනයන සටන ඇසට කදුලක් එක්කරනවා වගේම, අපෙගේ සිත් සතන් පවා ධෛර්යමත් කිසිමට සමත් වෙනවා. කලිනුත් කිව්වා වගේ මෙය සත්‍ය කතාවක් ඉතින් බලන්නකෝ මේ අමරණිය මිනිසාට තමුන්ගේ අරමුණ ඉටු කරගැනීමට හැකි වේවි  කියලා ? කවුරු ඔහුට උදව් කරාවි ද? මේ ඔක්කොම කුතුහලය රැදුන මිනිත්තු 156 තුල බලාගන්න හැකි වේවි ඔබට.