ප්‍රංශයේ බැස්ටිල් දිනය සැමරීම වෙනුවෙන් ඊයේ (14) රාත්‍රී පැවති උත්සවයකට සහභාගී වූ පිරිසක් වෙත ලොරි රථයක් පදවාගෙන යෑමෙන් පුද්ගලයන් 80 ක් පමණ මිය ගොස් විශාල පිරිසක් තුවාල ලබා ඇත.
ප්‍රංශ ජනාධිපති ප්රංශුවා හොලන්ඩේ ප්‍රහාරයෙන් පසු ප්‍රකාශයක් කරමින් මෙය ත්‍රස්තවාදී ක්‍රියාකාරකමක් බව පැවසීය.
ප්‍රංශයේ, ප්‍රහාරයෙන් මියගිය හෝ තුවාල ලැබූවන් අතර ශ්‍රී ලාංකිකයින් සිටින්නේ ද යන්න පිළිබඳ මෙතෙක් කරුණු අනාවරණය වී නොමැති බව කොළඹ විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි.

සිදුවීමෙන් පසු ආරක්ෂක අංශ සිදුකළ මෙහෙයුම හමුවේ නගරවාසින් ඉවත්ව යන අයුරු

