තමන් වාමාංශිකයෙකු ලෙස හඳුන්වා දෙන, නව ලිබරල් ප්‍රතිපත්තියේ ප්‍රබල ආරක්ෂකයෙකු වන සෞඛ්‍ය ඇමති රාජිත සේනාරත්න වෛද්‍ය ප්‍රතිකාර ගැනීමටත් නැකත් බලා ඇති බව වාර්තා වේ. ඔහු හදවත් සැත්කමක් සඳහා සිංගප්පූරුවේ මවුන්ට් එලිසබෙත් රෝහලට ඇතුල් වූ අතර එම සැත්කම පසුගිය බදාදා සිදු කිරීමට නියමිතව තිබිණි. එහෙත් එම සැත්කම සිදු කිරීම බ්‍රහස්පතින්දා දක්වා කල් දමා ඇත්තේ ඔහුගේ උපන් වෙලාවට අනුව සුබ නැකතක් යෙදී තිබුනේ එදින බැවිනි. මේ වෙනුවෙන් ඔහු සිය ඥාතීන් හරහා රෝහල් බලධාරීන්ගෙන් කළ ඉල්ලීමට අවසර ලැබිණි. පසුගිය මැතිවරණයේදී “සිවිල් සමාජය” රාජිත ඇතුළු වත්මන් ආණ්ඩුවට සහය පල කළේ නව ලිබරල් වැඩපිළිවෙලක් හරහා සමාජ පසුගාමීත්වය පරාජය කළ හැකි බව පවසමිනි. එහෙත් රාජිත ඒ දෙකම එකට පවතිනවා මිස ලංකාව වැනි රටවල ඒවා එකිනෙකට සතුරු නොවන බව ඇහැට ඇඟිල්ලෙන් ඇන පෙන්වා දී ඇත.


