தமிழ்
English
Contact
Sunday 5th May 2019    
පැනමා පත්‍රිකා වල ලාංකිකයින්ගේ නම් ලැයිස්තුවක් එළියට | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

පැනමා පත්‍රිකා වල ලාංකිකයින්ගේ නම් ලැයිස්තුවක් එළියට



ආන්දෝලනයට තුඩුදුන් පැනමා පත්‍රිකා මගින් පැනමාවේ මොසෑක් ෆොන්සේකා සමාගම හරහා බදු සහන සහිත ස්ථානවල මුදල් තැන්පත් කළ අයගේ නාමලේඛනය තුළ ශ්‍රී ලාංකිකයින් 65 දෙනෙකුගේ නම්,ඔවුන්ගේ ලිපින සහ එකී සමාගම් හෙළිදරව් වී තිබේ. මෙය ඊයේ ගවේෂණාත්මක මාධ්‍යවේදීන්ගේ අන්තර්ජාතික සංසදය විසින් ප‍්‍රසිද්ධියට පත්කර ඇත. අදාළ නාමලේඛනයට ඉන්දියාවේ පුද්ගලයින් 1046 දෙනෙකුගේ නම්ද අමෙරිකාවේ 7325 දෙනෙකුගේ සහ බි‍්‍රතාන්‍යයේ පුද්ගලයින් 5676 දෙනෙකුගේ නම්ද එහි ඇතුළත් වේ. චීනයේ පුද්ගලයින් 33,290 දෙනෙකු පැනමාවේ මොසෑක් ෆොන්සේකා සමාගම හරහා බදු සහන සහිත ස්ථානවල මුදල් තැන්පත්කර ඇති අතර රුසියාවේ පුද්ගලයින් 6285 දෙනෙකුගේ නම්ද එහි ඇතුළත්ව තිබේ. එහි ඇති ලාංකිකයන්ගේ නම් අතර මෑතදී ආන්දෝලනයකට ලක් වූ ඇවන්ගාඩ් සමාගමේ සභාපති නිශ්ශංක සේනාපතිගේ සහ ආණ්ඩුවේ ඉහළ තනතුරක් දරන අයෙකුගේ ව්‍යාපාරික සහෝදරයෙකුගේ නම් ඇතුළත්.

අදාළ නාමලේඛනය ඇතුළත් ලැයිස්තුව මෙතනින් බලන්න

https://offshoreleaks.icij.org/search?c=LKA&cat=1&e=&j=&q=&utf8