ලසන්ත ඝාතනයට හමුදා නිලධාරියෙක් අත්අඩංගුවට

lasantha-wic.web

මාධ්‍යවේදී ලසන්ත වික‍්‍රමතුංග ඝාතනය සම්බන්ධයෙන් හමුදා නිලධාරියකු අත්අඩංගුවට ගෙන තිබේ. හමුදා බුද්ධි අංශයට සම්බන්ධව කටයුතු කළ ඔහුට එල්ල වී ඇති චෝදනාව වන්නේ ලසන්ත වික‍්‍රමතුංගගේ රියදුරා පැහැරගෙන ගොස් රඳවා තබා ගැනීමයි.

ලසන්ත වික‍්‍රමතුංග ඝාතනයෙන් පසුව ඔහුගේ රථය ධාවනය කළ රියදුරා පැහැරගෙන ගොස් හමුදාවට අයත් නිවස්නක රඳවා තබා ගැනීමට ඔහු සම්බන්ධ බවට විමර්ශනවලදී අනාවරණය වී ඇතැයි රහස් පොලිසිය කියයි.

අත්අඩංගුවට ගත් හමුදා නිලධාරියා ගල්කිස්ස මහේස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 27 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.