බස්නාහිර දකුණ පොලිසි සීරුවෙන් තබයි!

police

බස්නාහිර පලාතේ පොලිස් ස්තාන සියල්ල ඊයේ(13) මධ්‍යම රාත්‍රිෙය් සිට සීරුවෙන් තබා ඇත.

බස්නාහිර පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නන්දන මුණසිංහ මහතා විසින් මෙම නියෝගය නිකුත් කර ඇත. සාමාන්‍යයෙන් පොලිසිය මෙසේ සීරුවෙන් තබන්නේ හදිසි අවස්ථාවකට මුහුණදීම සඳහාය. එවැනි අවස්ථාවකදී පොලිස් නිලධාරීන්ගේ නිවාඩුද අවලංගු වේ.

මේ අතර දකුණේ පොලිස් ස්ථානවලටද එවැනි නියෝගයක් නිකුත් කර ඇතැයි නි නොවන ආරංචි හෙලිදරව් කරයි. මෙම සීරුවෙන් තැබීම කුමන හේතුවක් නිසා කලේදැයි ජනතාවට පැහැදිලි කළ යුතු නමුත් ආරක්ෂක ඇමැති ලෙස ජනාධිපතිවරයා හෝ පොලිසිය පාලනය කරන පොලිස්පතිවරයා මේ පිළිබද කිසිවක් ප්‍රකාශ කර නැත.