වරාය නගර ව්‍යාපෘතියට වැලි කැනීම නවතන තෙක් ධීවරයෝ උපවාසයක් අරඹති

sand-ship-web

කොළඹ වරාය නගර ව්‍යාපෘතියට මුහුදේ වැලි ගැනීම හේතුවෙන් සිය ධීවර කටයුතුවලට සිදුවන හානිය පිළිබද විරෝධය පළකරමින් අද (17) දින මීගමුව නගර සභාව අසළ විරෝධතාවයක් සංවිධානය කර තිබේ.

මීගමුව අවට මුහුදේ ධීවර කටයුතුවලට බාධා කරමින් වැලි කැනීමට මුහුදේ සීමා සකස්කර ඇත. මෙම ස්ථානවලට ළඝාවීම ධීවර කටයුතු කරන ධීවරයන්ට තහනම් කර ඇත. මේ නිසා තමන්ගේ කටයුතුවලට බාධාකාරී වැලිකැනීම නවතා දමන තුරු උපවාස කරන බව ධීවර හඩ නියෝජිතයෝ පවසති.

Leave a Reply