පොදුරාජ්‍ය මණ්ඩලයීය කනිෂ්ඨ ජිම්නාස්ටික් තරගාවලියේ ලෝකඩ පදක්කමක් ලංකාව වෙනුවෙන් දිනාගන්නට මීගමුව මාරිස්ටෙලා විදුහලේ ඉගෙනුම ලබන රුචිර සංජන ප්‍රනාන්දු සමත්ව තිබේ.
නැමීබියාවේ වොල්විස් බේ (Walvis Bay) නගරයේ පැවැත්වෙන පොදුරාජ්‍ය මණ්ඩලයීය කනිෂ්ඨ ජිම්නාස්ටික් තරගාවලියේදී ඔහු මේ දස්කම දැක්වූයේ පෙරේදා (12දා) පැවැති හරස් දණ්ඩ (Horizontal Bar) ඉසව්වෙනි. රුචිර ලැබූ මෙම ජයග්‍රහණය මෙරට කනිෂ්ඨ ජිම්නාස්ටික් ක්‍රීඩාවේ ලබාගත් ඉහළම ජයග්‍රහණයක් ලෙස සටහන් වේ. පොදුරාජ්‍ය මණ්ඩලයීය කනිෂ්ඨ ජිම්නාස්ටික් තරගාවලිය සඳහා ලංකාව නියෝජනය කරමින් කාන්තා හා පිරිමි කණ්ඩායම් සහභාගි වූහ.
2007 වසරේ පැවැති ආසියානු කනිෂ්ඨ ජිම්නාස්ටික් තරගාවලියේදී තරිඳු පත්තප්පෙරුම රිදී පදක්කම් ජයග්‍රහණය කර තිබිණි.