පිරිසිදු පානීය ජලය ඉල්ලා වැලිවේරිය කළ උද්ඝෝෂණයේදී දෙදෙනකු මිය ගොස් ඇත්තේ වෙඩි වැදීමෙන් බවත්, එක් අයකු මියගොස් ඇත්තේ පහරදීමකින් බවත් අද දින ගම්පහ මහේස්ත්‍රාත් අධිකරනයේදී නිගමනය විය.
ඒ අනුව, රතුපස්වල ජල ප්‍රශ්නය සම්බන්ධව ගෙනගිය විරෝධතාවට වෙඩිතැබීමෙන් සිදුවූ මරණයන් වෙඩිතැබීම හා පහරදීම නිසා සිදුව ඇති බව ප්‍රඛම වරට අදිකරණය විසින් පිළිගන්නා ලදී. එසේම මෙම මරණයන් අපරාධ ක්‍රියා බවට ගම්පහ ප්‍රධාන මහේස්ත්‍රාත් කාවින්දා නානායක්කාර අද දින පැවැති නඩු විභාගයේදී තීරණය කළාය.
2013 අගෝස්තු 01 වැනිදා වැලිවේරිය නගරයේදී පැවැති උද්ඝෝෂනයට යුද හමුදාවෙන් වෙඩි තැබීමෙන් තිදෙනෙකු මිය ගොස් විශාල පිරිසක් තුවාල ලැබූහ.


