රේගු ආඥා පනත අහෝසි කර ඒය සංශෝධනය කරමින් නව පනතක් ගෙන එන්නට වත්මන් පාලකයන් කටයුතු කරන්නේ ජාවාරම්කරුවන්ට සහන සැලසීමේ අරමුණින් බව රේගු නිළධාරීන්හු පවසති.
ඊයේ රේගු මුලස්ථාන පරිශ්‍රය ආසන්නයේ යෝජිත නව රේගු පනතට විරුද්ධව රේගු නිළධාරීන් උද්ඝෝෂණයක් පවත්වා ඇත. වත්මන් හවුල් ආණ්ඩුව විසින් හදිසියේම පවතින රේගු පනත අහෝසි කොට නව රේගුලාසි ගෙන ඒමට කටයුතු කරනු ලබන්නේ රට තුල දැනට ක්‍රියාත්මක රේගු පනතින් නීති විරෝධී ජාවාරම්කාර වැඩ පිළිවෙලවල් මැඩබැවැත්වීමට ඇති හැකියාව අහෝසි කිරීමට බලධාරීන්ට අවශ්‍ය බැවින් යයි එම උද්ඝෝෂණයට සම්බන්ධ රේගු නිළධාරීන් අවධාරණය කර ඇත.
එබැවින් එය පරාජය කිරීමට කටයුතු කළ යුතු බව ඔවුන් මෙහිදී දැඩිව පැවසීය. රටට විශාල විනිමය උපයන ස්ථානය වන රේගුවේ මූලික නීතිය මෙසේ වෙනස් කිරීමට සැරසෙන්නේ විවිධ කූට උපක‍්‍රම මගින් රජයට අයවිය යුතු බදු මුදල් නොගෙවන හා නීති විරෝධී ජාවාරම්කරුවන්ට සහන සලසීමේ අටියෙන් බවත්, දැනට පවතින රේගු ආඥා පනත ජාවාරම් කරැවන්ට විශාල හිසරදයක්ව තිබෙන නිසාවෙනි.
ඒ අනුව මෙම නව පනත ක‍්‍රියාත්මක කළහොත් එම ජාවාරම්කරුවන්ට කිසිදු බියක් සැකක් නොමැතිව සිය ජාවාරම් කරගෙන යාමට ඉඩ සැලසෙන බවත් ඔවුන් දැඩි අවධාරණය කර ඇත.
දැනට රේගුව ලබන ආධායමෙන් බාගයක්වත් නව රේගු පනත අනුව උපයා ගත නොහැකිවන බව රේගු නිළධාරීන් පෙන්වා දෙති.


