தமிழ்
English
Contact
Monday 30th April 2018    
ආසාත්මිකතාවයක් හේතුවෙන් සිසුන් 45 දෙනෙක් රෝහල් ගත කෙරේ « Lanka Views | Views of the truth

ආසාත්මිකතාවයක් හේතුවෙන් සිසුන් 45 දෙනෙක් රෝහල් ගත කෙරේ



වැලිපැන්න, වලගෙදර මහා විද්‍යාලයේ ඉගෙනුම ලබමින් සිටි සිසුන් 45 දෙනෙකු අද(11) දින කිසියම් ආසත්මිකතාවක් හේතුවෙන් රෝහල් ගතකර ඇති බව වාර්තා වේ.

6,7, සහ 8 ශ්‍රේණි වල ඉගෙනුම ලබන මෙම සිසුන්ගේ ශරීරයේ විවිද ස්ථාන වල කැසීමේ ආසාදන තත්වය ඇති වී තිබු අතර මේ වන විට සිසුන් 11දෙනෙකු දර්ගා නගර රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන බව පැවසේ.

මේ වන විට අදාළ පාසලේ පංති කාමර සහ අවට ප්‍රදේශ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා විසින් නිරීක්ෂණය කරමින් සිටින බවද වාර්තා වේ.




Related News