රාජපක්ෂ පාලනය යටතේ මරා දමන ලද හෝ අතුරුදන් කරන ලද දෙමළ මාධ්‍යවේදීන් 41 දෙනකු පිළිබඳ පරීක්ෂණ සිදු නොකරන්නේදැයි උතුරේ මාධ්‍යවේදීහු අගමැති රනිල් වික්‍රමසිංහ හා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන අමතා ප්‍රශ්න කරති.
මහින්ද රාජපක්ෂ පාලන කාලයේ ඝාතනයට හෝ අතුරුදන් හෝ කෙරුණු මාධ්‍යවේදීන් 44 අතරින් 41 දෙනකුම දෙමළ ජනමාධ්‍ය ආයතනවල සේවය කළ උතුරු නැගෙනහිර අය වෙති. උතුරේ මාධ්‍යවේදීන් 54 දෙනකු සිව් දින සංචාරයක් සඳහා පැමිණි අතර ජූලි 4වැනිදා පාර්ලිමේන්තුවේදී ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන සහ අගමැති රනිල් වික්‍රමසිංහ හමුවූ අවස්ථාවේ මෙසේ ප්‍රශ්න කොට තිබුණි. පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍යාංශය සමග මාධ්‍ය සංවිධාන විසින් සංවිධානය කළ මෙම සංචාරය අතරතුර ඔවුන්ට මෙසේ අගමැතිවරයා හා ජනාධිපතිවරයා හමුවීමට අවස්ථාව සලසා තිබිණි.
දෙනකුගේ ලැයිස්තුවේ පිටපතක් අත පත් කොට තිබුනි. ප්‍රජාතන්ත්‍රවාදය සඳහා මාධ්‍යවේදියෝ (JDS) සංවිධානය විසින් මුල්වරට එළිදක්වා තිබුණු වාර්තාවකට අනුව 2004 සිට මරා දැමුනු හෝ අතුරුදන් කෙරුනු ලාංකික මාධ්‍යවේදීන් ගණන 44කි. 2015 මානව හිමිකම් දිනයේදී මාධ්‍යවේදී සංවිධාන විසින් මම වාර්තාව අගමැතිවරයා අතට පත් කළේ එවැනි අපරාධ සම්බන්ධ යුක්තිය ඉටු කරන බවට දුන් පොරොන්දු සිහිපත් කරමිනි. එහෙත් අපේක්ෂිත ආකාරයෙන් මරා දැමුනු මාධ්‍යෙව්දීන් පිලිබද යුක්තිය ඉටු කිරීමේදී සාධාරණ ප්‍රවේශයක් හෝ අවංක උත්සාහයක් ආණ්ඩුවේ නායකත්වයෙන් දක්නට නොලැබීම පිළිබද ජනමාධ්‍ය සංවිධාන අප්‍රසාදය පළ කර සිටී.
දකුණේ ලසන්ත වික්‍රමතුංග, ප්‍රගීත් එක්නැලිගොඩ සහ නාමල් පෙරේරා මාධ්‍යවේදීන් සම්බන්ධ පරීක්ෂණ ආරම්භ කිරීම පිළිබඳව සතුට පළ කොට ඇති උතුරේ මාධ්‍යවේදීහු තම ඉල්ලීම් රැගත් සන්දේශයක් ද ජනපති, අගමැති දෙදෙනා වෙත භාරදුන්හ. දෙමළ මාධ්‍යවේදීන් වෙනුවෙන් යුක්තිය ඉටු කිරීමට ආණ්ඩුව සූදානම් නම් ඒ බව පෙන්වන්නට නිමලරාජන් මයිල්වාගනම්, ධර්මරත්නම් සිවරාම් සහ අයියදුරෙයි නඩේසන් තිදෙනාගේ ඝාතන විමර්ශනය මුලින්ම ආරම්භ කළ යුතු බව මාධ්‍යවේදී කණ්ඩායම ඉල්ලා සිටිති. ඉල්ලීම් සාවධානව අසා සිටි ජනාධිපති අගමැති දෙදෙනා ඊට කිසිදු ප්‍රතිචාරයක් නොදැක්වූ බව උතුරු ලංකා ජනමාධ්‍යවේදීන්ගේ සංගමයේ ප‍්‍රධාන ලේකම් රත්නම් දයාපරන් පවසයි.
මේ වනවිට පසුගිය පාලන සමයේ පැවති තරමේ භීෂණකාරී තත්වයක් උතුරු නැගෙනහිර නොමැති මුත් මිලිටරි බලය නිසා පීඩාකාරී වාතාවරණය නිසා බියෙන් තොරව තම කටයුතු කරගෙන යාහැකි පරිසරයක් උදා කර දීම සඳහා පියවර ගන්නා මෙන් ඔවුන් ඉල්ලා තිබේ.
මැරුම් කෑ ජනමාධ්‍යවේදීන් සැමරීමේ උත්සවවලදී පවා ඊපීඩීපී හෝ එල්ටීටීඊ සංවිධාන විසින් මරාදැමුණු මාධ්‍යවේදීන් සිහිපත් කරන්නට අමතක කිරීමේ තත්වයක් ඇති බවද ඔවුන් විසින් පෙන්වා දී තිබේ. තිනමුරසු පුවත්පතේ හිටපු කර්තෘ බාලා නඩරාජා (සින්නබාලා) වැල්ලවත්තේ දී කොටි පිස්තෝලකරුවකු විසින් මරා දැමිණි. යාපනයේ ලේක්හවුස් වාර්තාකරු එස්.සෙල්වරාජා ඉන්දියා සාම සාධක හමුදාව උතුරට ආ සමයේ එල්ටීටීඊයෙන් මැරුම් කෑ තවත් මාධ්‍යවේදියෙකි. පරීක්ෂණයක් සඳහා එල්ටීටීඊයෙන් රැගෙන ගිය බව කියන අයි.ෂම්මුගලිංගම් නම් උතුරේ මාධ්‍යවේදියා ගැන අදටත් කිසිම තොරතුරක් නැත. ඊසමුරුසු පුවත්පතේ කළමනාකාර අධ්‍යක්ෂ මයිල් අමිර්තලිංගම් එල්ටීටීඊ සංවිධානයෙන් මරා දැමිණි. ඔහු එල්ටීටීඊයේ ‘කිට්ටු‘ විසින් මරා දමන ලදැයි කියති. මඩකලපුව මාධ්‍යවේදී සංවිධානයේ හිටපු සභාපති චේලියන් චෙරින්පනායගම් ද එල්ටීටීඊ සංවිධානයෙන් මරා දැමුණු මාධ්‍යවේදියකු බව කියති. රූපවාහිනී සංස්ථාවේ සේවය කළ රේලංගි සෙල්වරාජා සහ ඇගේ සැමියා සින්නදුරේ සේලවරාජා ඝාතනය කෙරුනේද එල්ටීටීඊයෙන් බව සැක කෙරේ.