පසුගිය කාලය තුල සිදුව ඇතැයි කියන මාතර ප්‍රදේශයේ ඉඩම් ගනුදෙනුවක් සම්බන්ධයෙන් අද දහවල් අත්අඩංගුවට ගනු ලැබූ හිටපු ආර්ථික සංවර්ධන ඇමති බැසිල් රාජපක්ෂ මාතර මහේස්ත්‍රාත් යුරේෂා ද සිල්වා මෙනවිය හමුවට ඉදිරිපත් කිරීමෙන් පසු ඇප මත මුදාහැර තිබේ.
ඔහුගේ විදෙස් ගමන් බලපත්‍රය උසාවියට බාර දෙන ලෙසද මහේස්ත්‍රාත්වරිය නියෝග කර ඇත.ඊට අමතරව සෑම මසකම අවසන් ඉරිදාට පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය හමුවේ පෙනී සිටින ලෙසට නියෝග කර ඇතැයි වාර්තාවේ.