පොලීසියේ වාරණ යෝජනාව ප්‍රතික්ෂේපයි – ආදරණීය කතාවක් යලි තිරගත වේ

2016.07.13 adaraniya kathawak

දුම්වැටි පානය කරන දර්ශන 10ක් සහ මත්පැන් පානය කරන දර්ශන 2ක් ඇතුළත් නිසා ප්‍රියන්ත කොළඹගේ අධ්‍යක්ෂණය කළ “ආදරණීය කතාවක්“ චිත්‍රපටය තහනම් කිරීමේ අතුරු නියෝගයක් නිකුත් කිරීමට  නාරාහේන්පිට පොලීසිය කළ ඉල්ලීම ඊයේ (12) කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය ප්‍රතික්ෂේප කළේය.

එවැනි දර්ශන දුම්වැටි සහ මධ්‍යසාර පිළිබඳ අධිකාරියේ පනතට අනුව දඬුවම් ලැබිය හැකි වරදක් බැවින් “ආදරණීය කතාවක්“ චිත්‍රපටය තහනම් කිරීමේ අතුරු නියෝගයක් හෝ ප්‍රශ්නගත දර්ශන ඉවත් කිරීමේ නියෝගයක් පනවන මෙන් පොලීසිය අධිකරණයෙන් ඉල්ලා සිටියේය. එවැනි තහනම් නියෝගයක් හෝ ප්‍රශ්නගත දර්ශන ඉවත් කරන මෙන් නියෝග නිකුත් කිරීමේ බලය අධිකරණයට නොමැති බව පැවසු කොළඹ අතිරේක මහේස්ත්‍රාත් නිශාන්ත පීරිස් පොලීසියේ ඉල්ලීම ප්‍රතික්ෂේප කළේය. කලා නිර්මාණ වෙත තහංචි පැනවීම නුසුදුසු බව සඳහන් කළ අතිරේක මහේස්ත්‍රාත්වරයා කලා නිර්මාණ නගා සිටුවීම අධිකරණයේ වගකීම බව ප්‍රකාශ කර තිබේ.

Leave a Reply