පහුගිය කාලයේ ගෙවූ වැට් බදු ජනතාවට යළි අය කළ හැකියි – සරත් එන්.සිල්වා

2016.07.14t sarath silva

හවුල් ආණ්ඩුවේ වැට් බදු වැඩිකිරීම නීත්‍යනුකූලව සිදු නොවූ බව සනාථ කිරීමෙන් පසුව පසුගිය කාලයේ 15%ක් දක්වා ගෙවූ වැට් බදු නැවත ගෙවන ලෙස ඉල්ලා ආණ්ඩුවට එරෙහිව නඩු පැවරීමට පුරවැසියන්ට අයිතියක් ඇති බව හිටපු අගවිනිසුරු සරත් එන්. සිල්වා පවසයි.

පාර්ලිමේන්තුවේ අනුමැතිය නොමැතිව ආණ්ඩුව සිදුකළ බදු වැඩිකිරීම අධිකරණය ඉදිරියේ අභියෝගයට ලක්වීමත් සමග එම නඩු විභාගය අවසන් කරන තුරු බදු වැඩිකිරිම අත්හිටුවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කළෙය. එහෙත් ආණ්ඩුව පවසන්නේ පාර්ලිමේන්තුවේදී එම බදු සංහෝධනය සම්මත කළ පසුව මැයි 2වැනිදා සිට බලපවත්වන ආකාරයට බදු අය කරගන්නා බවකි.

කෙසේවෙතත්, හිටපු අගවිනිසුරුවරයා පෙන්වා දෙන්නේ බදු වැඩිකිරීම විධිමත් ක්‍රමයට සිදු නොකළ බැවින් පුරවැසියකු විසින් දිසා අධිකරණයේ   පවරන  නඩුවක් මගින් ආණ්ඩුව විසින් පසුගිය කාලයේ අය කරන ලද වැට් බදුවලට අදාළ මුදල් යළි අය කර ගැනීමේ හැකියාව තිබෙන බවයි. ඔහු මේ බව පවසා ඇත්තේ ආණ්ඩුව අයථා ලෙස වැට් බදු වැඩි කිරීම වාරණය කරමින් අධිකරණය ලබා දුන් තීන්දුව පිළිබඳව මාධ්‍යවේදීන් වෙත අදහස් පළ කරමිනි.

Leave a Reply