නාමල් ඇතුළෙ සැප මෙට්ටයක – බැසිල්ට ඇප!

Basil-rimand

රුපියල් මිලියන 33ක මහජන මුදල් අනිසි ලෙස වැය කිරීමේ චෝදනා යටතේ හිටපු ආර්ථික සංවර්ධන ඇමති බැසිල් රාජපක්ෂ ඇතුළු සිවුදෙනෙකුට අධිචෝදනා නගා තිබේ.

හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ, ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ හිටපු ලේකම් නිහාල් ජයතිලක, හිටපු දිවි නැඟුම අධ්‍යක්ෂ ජෙනරාල් ආර්. කේ. කේ. රණවක හා දිවි නැඟුම කලාප අධ්‍යක්ෂ බන්දුල තිලකසිරි මෙලෙස 2015 ජනාධිපතිවරණ සමයේදී මුදල් අවභාවිත කළ බවට චෝදනා ලබා ඇත. බැසිල් රාජපක්ෂ හා දිවිනැගුම දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් රුපියල් පන් ලක්ෂය බැගින් වු මුදල් ඇප හා රුපියල් ලක්ෂ පනහක් වු ශරිර ඇප මත මුදා හරිනු ලැබිනි.

මහාධිකරණ විනිසුරු ඒ එම්. වී. කරුණාරත්න හමුවේ විභාගයට ගත් මෙම නඩුව අගෝස්තු 30 වැනිදාට කල් තැබු විනිසුරු පැමිණිල්ලේ ලේඛන පිටපත් විත්තියට බාරදෙන ලෙසද  දන්වා ඇත.

මේ අතර රුපියල් මිලියන 70ක අක්‍රමිකතාවයක් සම්බන්ධයෙන් චෝදනා ලබා රිමාන්ඩ් බන්ධනාගාරයේ සිටින නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයාට නිවසින් සුවපහසු මෙට්ටයක් ගෙනැවිත් දී තිබේ. වෛද්‍ය නිර්දේශ මත  මන්ත්‍රීවරයාට නිවසේ පිසූ ආහාර ද අදාළ මෙට්ටය භාවිතයට  අවසර දීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව තීරණය කර ඇත.

Leave a Reply