තෙරේසාමේගේ කන්සර්වටිව් පක්ෂය හා උතුරු අයරලන්තයේ ඩී.යූ.පී එකගතාවයට පැමිණේ.
පසුගිය මහ මැතිවරණයෙන් පසු බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ තෙරේසාමේගේ කොන්සර්වටිව් පක්ෂයට පැහැදිලි බහුතරයක් නොලැඹිනි. මේ හේතුවෙන් පසුගිය සති දෙකක පමණ කාලයක් එරට විවිධ අර්බූද මැද ගෙවී ගියත් පාර්ලිමේන්තුව තුල සිය දේශපාලන අවිනිශ්චිත බව යම් පමණකට විසදාගැනීමට තෙරේසා මේට අද වන විට හැකිව තිබේ.
තෙරේසාමේගේ කොන්සර්වර්ටිව් පක්ෂය හා උතුරු අයරලන්ත ප්‍රජාතන්ත්‍රවාදී එක්සත් පක්ෂය හා පැවැති සාකච්ඡාවට කිහිපයකින් පසුව අද දින මේ දෙපාර්ශවය විසින් සිය අවසන් එකගතාවයට එළැඹීමට සමත්විය.
උතුරු අයර්ලන්ත ඩී.යූ.පී පක්ෂය හා තෙරේසාමේගේ පාර්ශ්වය වෙනුවෙන් එම පක්ෂ දෙකේ ප්‍රධාන සංවිධායකයින් දෙදෙනා මෙම අවසන් එකගතා ගිවිසුමට නිල වශයෙන් අත්සන් තබා ඇත.
මූලික එකගතාවයන් 10ක් මෙම ගිවිසුමට ඇතුලත් බව වාර්තාවේ. ඒ අතරින් උතුරු අයර්ලන්තය සදහා ලබන වසර දෙක සදහා අමතර පවුම් බිලියනයක ආධාරයක් ලබදෙන බවද, ඊට අමතරව උතුරු අයර්ලන්තයේ සමාජ සුභසාධනයන් වන අධ්‍යපන, සෞඛ්‍ය හා යටිතල පහසුකම් සදහා වැඩි අරමුදල් සපයාදීමට ප්‍රමුඛතාවය ලබාදෙන බවට එකගවී ඇති බවද වාර්තාවේ.
මේ ගිවිසුම අනුව තෙරේසාමේට සිය වසර පහක සම්පූර්ණ පාර්ලිමේන්තු කාලසීමාවටම ඩී.පී.යූ.හි සහයෝගය ලබාදෙන බවට එකගතාවයට පැමිණ ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
මෙම ගිවිසුම පිළිබදව කම්කරු පක්ෂ නායක ජෙරමි කෝබින් පවසා ඇත්තේ සිය සුළුතර ආණ්ඩුව ආරක්ෂා කිරීම වෙනුවෙන් අගමැතිනි තෙරේසාමේ ප්‍රමුඛ තාවය ලබාදිය යුතු ජාතික වුවමනාවන් නොසලකා හැර ඇති බවයි. 