தமிழ்
English
Contact
Tuesday 26th December 2017    
බහු විනාශකාරී ව්‍යාපෘතියට එරෙහි පෙරමුණ, විනාශය නතර කිරීමට යෝජනා කර නෑ - චමින්ද විජේසිරි | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

බහු විනාශකාරී ව්‍යාපෘතියට එරෙහි පෙරමුණ, විනාශය නතර කිරීමට යෝජනා කර නෑ – චමින්ද විජේසිරි



උමා ඔය බහු කාර්ය ව්‍යාපෘතිය සම්බන්ධයෙන් ඊයේ(30) දින ජනාධිපති මන්දිරයේදී සිදු කරන ලද සාකච්ඡාවේදි එකඟවූ විසඳුම් සම්බන්ධව පෞද්ගලිකව තමන් කිසිකෙත් සැහීමකට පත් නොවන බව එක්සත් ජාතික පක්ෂ බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි පවසයි.

පසුගියදා බණ්ඩාරවෙල නගරයට රැස්වූ විශාල ජනකායක් උමාඔය ව්‍යාපෘතියෙන් සිය නිවාස හා දේපළ වනසමින් ජල සම්පත් වියලා හරිමින් පවතින බවට චෝදනා කළහ. එහිදී එම විරෝධතාවයට සම්බන්ධ වූ උමා ඔය බහු විනාශකාරී ව්‍යාපෘතියට එරෙහි ජනතා පෙරමුණට සාකච්ඡාවක් ලබාදීමට ජනාධිපතිවරයා එකග විය. ඒ අනුව ඊයේ එම පෙරමුනේ සංවිධායකයන් හා ආණ්ඩුව පාර්ශ්වය අතර ජනාධිපති මන්දිරයේදී සාකච්ඡාවක් පැවැත්විණ. චමින්ද විජේසිරි මන්ත්‍රිවරයා පවසන්නේ මෙම ව්‍යාපෘතිය නිසා දැනටමත් විනාශයක් සිදුව ඇතත් එය නතර කිරීමට කිසිදු යෝජනවාක් අවම වශයෙන් එම ජනතා පෙරමුණ විසින් හෝ ඉදිරිපත් කර නැති බවයි.

කෙසේ වෙතත් අදාළ සාකච්ඡාවේදී එකඟ වූ අයුරින් පීඩාවට පත් පුද්ගලයන්ට වන්දි ලබාදීම ඇතුළු ප්‍රධාන ගැටළු සම්බන්ධයෙන් කඩිනමින් විසඳුම් ලබාදීමට ජනාධිපතිවරයා අවශ්‍ය ක්‍රියාමාර්ග ගෙන ඇති බව ආමාත්‍ය හරීන් ප්‍රනාන්දු ප්‍රකාශ කරන ලදි.