බ්‍රසීල වෘත්තීය සමිති ජනාධිපතිවරයාට එරෙහි උද්ඝෝෂණ ව්‍යාපාරයක් අරඹයි
Posted on 07.01.2017 by Madanayaka in විදෙස් පුවත් with 0 Comments
වත්මන් බ්‍රසීල ජනාධිපතිවරයා වන මයිකල් ටෙමර්ට එල්ලවී ඇති අල්ලස් හා දූෂණ චෝදනා වහාම විභාග කළයුතු බවට එරට වෘත්තීය සමිති විසින් දැවන්ත උද්ඝෝෂණ ව්‍යාපාරයක් ආරම්භ කර ඇතැයි වාර්තාවේ.
මේ හේතුවෙන් එරට ප්‍රධානම අධිවේගී මාර්ගය වන සාවෝ පාවුලෝ හා රියෝද ජෙනැයිරෝ දක්වා දිවෙන මාර්ගය වසා දැමීමට සිදුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. මෙම වෘත්තීය සමිති ක්‍රියා මාර්ගය හේතුවෙන් මේ වනවිට එරට උමං මාර්ගය හා ප්‍රධාන ප්‍රවාහන සේවා ඇණහිට ඇත.
ප්‍රධාන මාර්ග අවහිර කරමින් විවිධ බාධක යොදා ගමනා ගමනය වළක්වා ඇති බව වාර්තාවේ. පසුගියදා බ්‍රසීල පෙඩරල් නීතිපති විසින් ජනාධිපතිවරයා විසින් අල්ලස් හා දූෂණ සිදුකර ඇති බවට වන චෝදනා එල්ලය. පසුව එම චෝදනා විභාගය සදහා එරට ශ්‍රේෂ්ඨාධිකරණයට යොමු කළේය.
මෙම චෝදනා විමර්ශනයට ලක්කිරීමේ අනුමැතිය එරට කොංග්‍රස් මණ්ඩලය මගින් අනුමත කළයුතුවේ.
බ්‍රසීලයේ පිහිටි ලොව විශාලතම මස් ආනයන සමාගමෙන් ඩොලර් මිලියන ගණනක අල්ලස් ලබා ගත් බවට එම සමාගමේ ප්‍රධානියා විසින් සෘජුවම ජනාධිපතිවරයාට චෝදනා එල්ල කිරීමේ පසුව මෙම තත්වය වඩා උග්‍රවිය.
Related News