සිරියානු සරණාගතයින් ලක්ෂ පහක් නැවත පැමිණේ
Posted on 07.01.2017 by Madanayaka in විදෙස් පුවත් with 0 Comments
2017 වසරේ මුල් මාස හයතුල සරණාගතයින් ලෙස සිරියාවේ විවිධ ස්ථානවල තාවකාලිකව ජීවත්වූ සිරියානුවන් ලක්ෂ පහක් පමණ සිය ගම්බිම් බලා පැමිණ ඇති බව වාර්තාවේ.
ඒ අයට අමතරව තවත් 31,000ක් විදෙස් රටවලට ගොස් නැවත පැමිණි අයවේ. රටට පැමිණ ඇති බව එක්සත් ජාතීන්ගේ සරණාගත කොමිසම වාර්තා කරයි. එසේ පැමිණි අය අතරින් අයි.එසවරුන් යටතේ පැවැති සිරියානු නගර නිදහස් කරගැනීමෙන් පසුව සිය ගම් බ්ම් බලා පිටත්ව ආ අයයි.
මෙසේ පැමිණි ඔවුන්ගේ මුලික අවශ්‍යතා ලබාදීමේ අභියෝගයකට සිරියානු රජය මුහුණදී සිටී මන්ද ඉස්ලාමීය අයි.එස්වරුන් අල්ලාගෙන සිටි සියලුම නගරවල පොදු සනීපාරක්ෂක සපයනක රෝහල් පාසල් හා වෙත් රජයේ ආයතන හා ජලය,විදුලිය, හා මංමාවත් සියල්ල විනාශකර ඇති බැවිනි.
මෙසේ පැමිණි අය වැඩිපුරම අයත් වන්නේ ඇලෙප්පෝ,හාමා,හෝමුස් හා ඩමස්කස් යන නගරවලින් බව වාර්තාවේ. එම නගර සිරියානු රජයේ හමුදා විසින් මෑතකදී මුදාගන්නා ලද නගරවේ. තුර්කිය තුල සිටි සිරියානුවන් ලක්ෂ දෙකක් පමණ මේ වන විට පැමිණ ඇති බව වාර්තාවේ.
Related News