තුර්කි යුද හමුදා කණ්ඩායමක් විසින් එරට පාලන බලය ලබා ගැනීම දියත් කළ කුමන්ත්‍රණය මේ වනවිට සම්පූර්ණයෙන් මැඩපවත්වා ඇතැයි විදෙස් ජනමාධ්‍ය පවසයි.
සන්නද්ධ හමුදා ජනරාල්වරුන් 5දෙනකු සහ කර්නල්වරු 30ක් පමණ මෙම කුමන්ත්‍රණයට සම්බන්ධ බව හෙළිවී ඇත. කුමන්ත්‍රණයේ පරාජය හමුවේ පළිගැනීම්වලට බියෙන් පළාගිය හමුදා භට කණ්ඩායම්වලට අමතරව කුමන්ත්‍රණයට සම්බන්ධවූ හමුදා සාමාජිකයන් 3000ක් පමණ මේ වනවිට අත්අඩංගුවට ගෙන තිබේ. ඔවුන් මෙම කුමන්ත්‍රනයේදී නවීන ජංගම දුරකථනවලින් සහ එහි මෘදුකාංග යොදාගෙන කළ සැලසුම් හෙළිදරව් කරගැනීමට හැකිව ඇතැයිද තුර්කි රජයේ ප්‍රකාශකයෝ පවසති.
මෙම හමුදා කුමන්ත්‍රණය හේතුවෙන් 190ක් මරණයට පත්ව තවත් 1,200ක් පමණ තුවාල ලබා ඇත. ජනාධිපති රෙසිප් එර්ඩගන් ඉස්තාම්බුල් නුවර සිට ප්‍රකාශයක් සිදු කරමින් කියා සිටියේ තුර්කි හමුදාව පිරිසිදු කිරීමේ කාලය දැන් එළඹ ඇති බවයි. එක්සත් ජනපදයේ පිටුවහල් ජීවිතයක් ගතකරන ගුලන් නමැති මුස්ලිම් ජාතික විද්වතා මෙම කුමන්ත්‍රණයට වගකිව යුතු බවද ජනාධිපතිවරයා ප්‍රකාශ කර ඇත. එහෙත් ගුලන් පවසා ඇත්තේ මෙවැනි කුමන්ත්‍රණයක් කිසිසේත් අනුමත කළ නොහැකි බවයි. අගමැතිවරයාගේ ප්‍රකාශයකින් කියැවුණේ කුමන්ත්‍රණය සිදු වූ රාත්‍රිය, රටේ ඉතිහාසයට කලුපැල්ලමක් එකතු කළ බවයි.
අත්අඩංගුවට ගනු ලැබූ හමුදා සාමාජිකයින් අතර හමුදා කැරැල්ල මෙහෙයවීමට සම්බන්ධ වූ ජෙනරාල්වරුන් 5ක් හා කර්නල්වරුන් 29 දෙනෙකු සිටින බව වාර්තා වේ.

