ඊයේ පැවැති එරට පාර්ලිමේන්තු මැතිවරණයෙන් පාලක ඒ.කේ.පී( AKP) පක්ෂයට එරට පාර්ලිමේන්තුවේ තිබූ බහුතර බලය ගිලිහී ගොස් ඇත.
මෙය වසර 13කට පසුව තුර්කි පාලක පක්ෂයේ පාලනයට පාර්ලිමේන්තුවේ බහුතර බලය අහිමිවූ ප්‍රථම අවස්ථාව මෙයවේ. ඉදිරියේදී තුර්ති පාලක පක්ෂයට එය ප්‍රබල අභියෝගයක් වනු ඇත.
ඒ.කේ.පී( AKP) නායක වත්මන් තුර්කි ජනාධිපතිවරයා වන රෙසෙප් රෙසෙප් එඩොගාන් (Recep Tayyip Erdogan) හට ඉදිරි දේශපාලන සැලසුම්වලට මහත් බාධවක් වනු ඇත. තුර්කි පාර්ලිමේන්තුවේ ආසන ගණන 550කි.
ඒ.කේ.පී( AKP) පක්ෂයට මෙවර පාර්ලිමේන්තුවේ බහුතරයට තවත් මන්ත්‍රීවරැ 18ක අඩුවක් ඇත. එනම් 276ක්වන බහුතර මන්ත්‍රීසංඛ්‍යවෙන් ඔවුන්ට ලබාගත හැකිව ඇත්තේ 257ක් පමනි.
වසර 13ක් තුල ඒ.කේ.පී( AKP) පක්ෂය පැවැති මැතිවරණවලින් ජය ගනු ලැබුවේ මෙසේය. 2002 වසරේ 34.3%ක් ලබා ගත් අතර ඉන් පසු පැවැති 2007 වසරේ 46.6%ක්ද 2011 වසරේදී 49.8%ද ගෙන පාර්ලිමේන්තුවේ බලය ක්‍රමිකව වර්ධනය කර ගනිමින් සිටි අතර නමුත් අනපේෂිත ලෙස මෙවර මතිවරණයේදී 41% දක්වා සිය ඡන්ද ප්‍රතිශතය පහත වැටී ඇත.
තුර්කි පාලක පක්ෂය මෙවර මැතිවරණයෙන් ජයගත්තා නම් වත්මන් ජනාධිපතිගේ අභිප්‍රායවී තිබුනේ තෙවන වරටත් ජනාධිපතිධුරය සදහා ඔහුට තරග කිරීමට අවශ්‍ය ව්‍යවස්ථා සංශෝධනය ගෙන ඒමට ක්‍රියාකිරීමටය. ඒ සදහා අවශ්‍ය කටයුතු ඒ.කේ.පී( AKP) පක්ෂය විසින් දියත් කොට තිබුනි.
කෙසේ වෙතත් තුර්කි ජනතාව එම ව්‍යවසථා සංශෝධන සදහා අවස්ථාව ලබා නොදෙන ලදී. එය එරට ජනතාවගේ යම් ජයග්‍රහණයක් වනු ඇත.
වත්මන් ලෝක දේශපාලන තත්වය තුලත් අතීතයේදීත් දිගින් දිගටම ව්‍යවස්ථා සංශෝධන ප්‍රවණතාව ධනේශ්වර පාලකයින් තම ව්‍යවස්ථා ඒකාධිපතීතිවයක් දක්වා බලය ගොඩනගා ගැනීමේ එක් ක්‍රමයකි ලෙස භාවිතයට ගන්නා ලදී. නමුත් මෙවර තුර්කි ජනතාව එම ධනවාදී පාලකයන්ගේ අභිප්‍රාය පරාජය කර ඇත.