වැට් බදු වැඩි කිරීම නීත්‍යනුකුළ කිරීම සඳහා පනතක් පසුගිය 8වැනිදා පාර්ලිමේන්තුව හමුවට ගෙන එක ලදී. පනත ජූලි 20 වැනිදා විවිදයට ගැනීමට හැකි බව ආණ්ඩු පක්ෂ සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල ඇමැතිවරයා පවසයි. මෙම පනත ගෙන ඒමට සූදානම් වන්නේ වැට් බදු වැඩි කිරීම නීති විරෝධී බව ප‍්‍රකාශ කරන ලෙස ඉල්ලමින් අධිකරණයට ඉදිරිපත් කරන ලද පෙත්සමක්ද විභාග වෙමින් තිබියදීය. මින් පෙනෙන්නේ වැට් බදු වැඩි කිරීම තාවකාලික බවටත් ඉක්මනින්ම බදු අඩු කරන බවටත් ආණ්ඩුවේ ඇමැතිවරුන් පැවසූ සියල්ල අසත්‍ය බවයි.