ජ.වී.පෙ.ට එ.ජා.ප.යට බලය දියයුතු නෑ – සෝමවංශ

somawansa

ඉදිරියේදී බලයට ඒම නැවැත්විය යුතු ප්‍රධාන බලවේග දෙකක් ඇති බව ජවිපෙ හිටපු නායක හා ජනතා සේවක පක්ෂයේ නායක සෝමවංශ අමරසිංහ පැවසුවේය.

එන් ඉක් පක්ෂයක් වන්නේ එක්සත් ජාතික පක්ෂය බවත්, අනෙක් පක්ෂය වන්නේ ජනතා විමුක්ති පෙරමුණ බවත්, පවසන ඔහු තමන් මසේ කියන්නේ ජවිපෙ කටයුතු ගැන පෞද්ගලිකවම දන්න නිසා බවද පැවසීය.

ඔහු මේ බව පැවසුවේ “අප ගත යුතු මග” මැයෙන් ඊයේ (06) කොළඹදී පැවැති රැස්වීමකදීය. එම රැස්වීමේ ප්‍රධාන දේශනය පවත්වනු ලැබුවේ අතුරලියේ රතන හිමි විසිනි.

එජාපය, ජවිපෙ මෙන්ම මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාට නාමයෝජනා ලැබෙන විට ඔහු වටා සිටින අශුද්ධ සන්ධානයද පරාජය කළ යුතු බව ඔහු පැවසීය.

එසේ නාමයෝජනා ලැබීම අශුද්ධ සන්ධානයට ලොකු ජයග්‍රහණයක් බවත්, එය නැවැත්වීමට ප්‍රබල පළල් බලවේගයක් ගොඩනැඟිය යුතු බවත්, සෝමවංශ අමරසිංහ කියා සිටියේය.