ජනාධිපති මෛත්‍රීපාල සිරිසෙන පූර්ව දැනුම්දීමකින් තොරව ඊයේ (12) හදිසියේ එංගලන්තය බලා පිටත්ව ගියේය. ජනපතිවරයා සමග 6 දෙනෙකුගෙන් යුත් දූත පිරිසක් ලන්ඩන් බලා පිටත්වූ බව ගුවන් තොටුපල ආරංචි මාර්ග වාර්තා කරන අතර ජනපතිවරයාගේ හදිසි සංචාරය පෞද්ගලික හේතුවක් මත සිදුවන බව මාධ්‍ය වාර්තා කර තිබේ.